මිරිස්සේදී මත්ද්‍රව්‍ය සමග 12ක් අත්අඩංගුවට

මිරිස්ස ධීවර වරායේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-07-2019 | 9:05 AM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මිරිස්ස ධීවර වරායෙන් මුහුදු සංචාරයක යාමට පැමිණි සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇති බව ය. ඔවුන් සන්තකයේ තිබී හෂිස්, අයිස්, කේරළ ගංජා ඇතුළු හඳුනා නොගත් මත්පෙති තොගයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරට කාන්තාවන් 3 දෙනෙකු ද අයත් ය. සැකකරුවන් අවුරුදු 20ත් 26ත් අතර වයස්වල පසුවන ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගනේමුල්ල, රත්මලාන, වත්තල, මාතර, වැලිගම, කැලණිමුල්ල සහ හඳගනාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.