මහවැලි ජනාපදිකයන් 5000කට ඉඩම් ඔප්පු පිළිගැන්වේ

මරණීය දණ්ඩනය අහෝසි කිරිමේ පනත ගෙනෙන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා - ජනපති

by Staff writer 14-07-2019 | 9:29 PM
COLOMBO (News 1st) : මරණීය දණ්ඩනය අහෝසි කිරිමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද පෙරවරුවේ පැවති මහවැලි ජනාපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීමේ ‍උත්සවයේදීයි.
"මරණීය දණ්ඩනය දෙන්න ඒනද එපා ද? ඕනෙයි කියන අය අත උස්සන්න බලන්න.අන්න ඕනෙයි කියන අය අත ඉස්සුවා.අන්න ඕක තමා ජන මතය.ඕක තමා ඇමතිතුමානි ජන මතය.මම මරණීය දණ්ඩනයට හතරදෙනෙක්ගේ නම් අත්සන් කරපුවම ඒකට උසාවි ගිහිල්ලා ඒක වලක්ව ගත්තා.හැබැයි දැන් පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනවා මරණිය දණ්ඩනය අහෝසි කරලා.මේකෙන් ජය පැන් බොන්නේ කව්ද?ජයග්‍රහකයෝ කව්ද?මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ.මේ රටේ දේශපාලනඥයො සිටිනවා පාතාලයත් එක්ක සම්බන්.හැම ආණ්ඩුවකම හැම විපක්ෂයකම.අදත් දේශපාලනඥයොත් එක්ක සම්බන්ධකම් තියන අය ඉන්නවා.නමුත් මම මේ සටන නවත්වන්නේ නෑ.මරණීය දණ්ඩනය දිය යුතුයි. ඇමරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැන් සති දෙකකට කලින් කිව්වා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම වලක්වන්න නම් මුළු රට පුරා මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඩොනල් ට්‍රම්ප් කිව්වා.ඩොනල් ට්‍රම්ප් එහෙම කියන ගමන්,ඩොනල් ට්‍රම්ප්ගේ රටේ නියෝජිතයෝ ලංකාවේ ඉන්න කියනවා මරණිය දණ්ඩනය කරන්න එපා කියලා.මේ එක එක බණ එක එක්කෙනාට ඕන විදියට.මරණිය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවස මම ජාතික ශෝක දිනයක් බවට පත් කරනවා මම.ජාතික ශෝක දිනයක් බවට පත් කරනවා. මේ රටේ අනාගතය පිළිබදව ප්‍රශ්නයක් ඒක.ඒ නිසා මුළු මහත් ජනතාවගෙන් මම ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් කරන ඉල්ලීම තමයි රට වශයෙන් ජන මතයක් ගොඩනගන්න ජන හඩක් නගන්න.මරණිය දණ්ඩනය රටට අවශ්‍යයි කියන එක.ආණ්ඩුවෙ කීප දෙනෙකුට ඕන විදියට මරණිය දණ්ඩනය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගේන එක වලක්වන්න මේ රටේ ජනතාව නායකත්වය ගන්නයි කියන එක මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා"
සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනාපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ මහවැලි ගොවින් පන්දහසකට මෙලෙස ඉඩම් ඔප්පු ලබා දුන්නේ, වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩාංගනයේදීයි. එමෙන්ම පුජනීය ස්ථාන 4ක් වෙනුවෙන් දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු කෙරිණ. මෙම අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද එක්වූහ. https://www.youtube.com/watch?v=t3V8KTLVCkw