බෙලිඅත්තේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

බෙලිඅත්තේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 14-07-2019 | 7:03 AM
COLOMBO (News 1st) - බෙලිඅත්ත, මොරගහහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 1.35ට පමණ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සිදු කර ඇති බව ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 27 හැවිරිදි මොරගහහේන, මහහීල්ල පදිංචිකරුවෙකි. ඉඩම් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.