by Staff writer 14-07-2019 | 3:55 PM
COLOMBO (News 1st) : පුත්තලම ,අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් 49 ත් 50 ත් අතර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පාපැදිකරු මිය ගොස් ඇති අතර ඔහු 40 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.