by Staff writer 14-07-2019 | 6:14 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඔහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.