ප්‍රංශය අභ්‍යවකාශ ආරක්ෂක බල ඇණියක් පිහිටුවිමට යයි

නව අභ්‍යවකාශ ආරක්ෂක බල ඇණියක් පිහිටුවන බව ප්‍රංශ ජනාධිපති කියයි

by Staff writer 14-07-2019 | 3:51 PM
COLOMBO (News 1st) : නව අභ්‍යවකාශ ආරක්ෂක බල ඇණියක් පිහිටුවන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් පවසයි. පැරිස් නුවර පැවති සැමරුමකට එක්වෙමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ එය පිහිටුවන බවයි. ප්‍රංශය මෙම බලකාය පිහිටුවන්නේ සිය චන්ද්‍රිකා සක්‍රීයව මෙන්ම ආරක්ෂාකාරීව පවත්වාගෙන යාමේ අරමුණිනි. විචාරකයින් පවසන්නේ, ප්‍රංශයේ මෙම තීරණය ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් පෙන්නුම් කරන බවයි. අභ්‍යවකාශ බලඇණියක් පිහිටුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර ප්‍රකාශ කළේ ය. ඒ, චීනයට හෝ රුසියාවට අභ්‍යවකාශයේ නායකත්වය දිය නොහැකි බව පවසමිනි. කෙසේ වෙතත් නව අභ්‍යවකාශ බල ඇණියක් පිහිටුවීමත් සමඟ අමෙරිකාව, රුසියාව සහ චීනය සමඟ ප්‍රංශය ද අභ්‍යවකාශ සටනට අවතීර්ණය වනු ඇති.