වී තොග නිකුත් නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක්

අලෙවි කිරීම සඳහා වී තොග නිකුත් නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක්

by Staff writer 14-07-2019 | 12:26 PM
COLOMBO (News 1st) - කැබිනට් තීරණයට අනුව අලෙවි කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වී තොග නිකුත් නොකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රජයේ වී තොග අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූලව කටයුතු කළ බව ය. ඒ සඳහා ගැණුම්කරුවන්ගෙන් මුදල් ද ලබා ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, ජීවන වියදම් කමිටුවේ තීරණය අනුව තමුන් වී තොග නිකුත් නොකරන බව ය. ඒ, රටේ ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යා යුතු බැවින් රජයේ වී තොග අලෙවි නොකිරීමට ජීවන වියදම් කමිටුව ගත් තීරණයට අනුව ය. දිස්ත්‍රික් ලේකම්වරුන් ටෙන්ඩර් කැඳවා වී තොග අලෙවි කර ඇත්තේ වියදම් වූ මිලට වඩා අඩු මිලකට බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය.