ජනපති කොමිසමේ කාලය තව ත් මාස 3 කින් දීර්ඝ කෙරේ

රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනපති කොමිසමේ කාලය තව ත් මාස 3 කින් දීර්ඝ කෙරේ

by Staff writer 13-07-2019 | 1:53 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තව ත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.

එම කොමිෂන් සභාවේ කාලය අවසන්වීමට නියමිතව තිබුණේ ලබන 16 වැනි දායි. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලබන ඔක්තෝබර් 16 වැනි දා දක්වා එහි කාලය දීර්ඝ කර ඇති බවයි. 2015 ජනවාරි 15 වැනි දා සිට සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා රාජ්‍ය ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා පරීක්ෂණ සිදු කිරීමට ජනාධිපතිතුමා විසින් මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ ය. එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා යි.