by Staff writer 13-07-2019 | 4:23 PM
COLOMBO (News 1st) - බොරලැස්ගමුව, අබේරත්න මාවතේ නිවසක සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු සැකකරුවන්9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා උපයෝගී කර ගන්නා නවීන පන්නයේ උපකරණ 4ක් ද ඔවුන් සන්තකයේ තිබී සිය භාරයට ගත් බව ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව, කඳාන, මිනුවන්ගොඩ, මීගමුව, තලංගම, දෙහිවල, මොරටුව, පේරාදෙණිය සහ අනුරාධපුරය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරුවන් අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.