by Staff writer 13-07-2019 | 9:17 AM
COLOMBO (News 1st) - 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරි දිනකදී තමන් පෙනී සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, කාරක සභාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුව ද එය නීත්‍යානුකූල බව මේ වන විට අධිකරණය ද පිළිගෙන ඇති බවයි.
මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ සඳහන් වූ කරුණු පදනම් විරහිත බව එම යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීමෙන් පෙනී ගිය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.