විනිසුරු ධර්මසේනට එරෙහි වූ ජේසන් රෝයිට දඩ

විනිසුරු ධර්මසේනට එරෙහි වූ ජේසන් රෝයිට දඩ

by Staff writer 12-07-2019 | 7:08 PM

News 1st - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවැති තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට දඩ නියම කර තිබේ.

එම තරගයේ එංගලන්ත ඉනිමේ 19 වැනි පන්දුවාරයේදී ජේසන් රෝයි දැවී ගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළේ ය. ජේසන් රෝයි එම තීරණයෙන් සෑහීමට පත් වූයේ නැත. ඔහු විනිසුරු තීරණයට අවනත නොවෙමින් තවදුරටත් ක්‍රීඩාංගණයේ රැඳී සිටින අයුරු දක්නට ලැබුණි. ඒ අනුව විනිසුරුවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීමේ චෝදනාව මත එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ල මහතා තීරණයක් ගත්තේ ය. ඒ,ජේසන් රෝයිට හිමි තරග ගාස්තුවෙන් 30% ක මුදලක් දඩ ලෙස නියම කරමිනි.