මූල්‍ය වංචාවක් කළ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 12-07-2019 | 10:42 AM
COLOMBO (News 1st) - මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකයෙකු නාරම්මල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොළඹ වංචා විමර්ශන කාර්යංශය කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 20කි. 54 හැවිරිදි එම බංග්ලාදේශ ජාතිකයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.