පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 243 ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුමකින් බීමත් රියැදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 12-07-2019 | 4:18 PM

COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ මෙහෙයුමකදී බීමත් රියැදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුමකදී ය. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ආරම්භ කළේ, පසුගිය 05 වැනි දායි. එදින සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 2280කි. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.