සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

නෙට්බෝල් ලෝක කුසලානය: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

by Staff writer 12-07-2019 | 2:18 PM
COLOMBO (News 1st) - 2019 නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී අද ආරම්භ වේ. මෙවර තරගාවලියට රටවල් 16ක් තරග කරන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් ය. නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී A කාණ්ඩයෙන් තරග කරයි. එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ යි. ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගයට සහභාගී වේ.

වෙනත් ලිපි