තේ දළු මිල පහළට

තේ දළු මිල පහළට

by Staff writer 12-07-2019 | 12:38 PM
COLOMBO (News 1st) - තේ දළු මිල යළිත් වරක් පහළ ගොස් තිබේ. වගාකරුවන් පවසන්නේ, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80ක් පමණ මිලක් දක්වා පහළ ගොස් ඇති බව ය. මේ හේතුවෙන් තම ආදායම විශාල ලෙස අඩු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. යළිත් තේ දළු මිල ස්ථාවර කිරීමට රජය මැදිහත් විය යුත් බව ගොවීහු පේනවා දෙති. තේ දළු මිල අඩුවීම පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ තේ දළු මිල 30%කට ආසන්න අගයකින් අඩු වී ඇති බව ය.