by Staff writer 12-07-2019 | 5:31 PM
COLOMBO (News 1st) - පුත්තලම, හලාවත මාර්ගයේ තුඩැල්ල දුම්රිය ස්ථානය අසළ සිදු වූ රිය අනතුරකින් පසුව ගම්වාසීන් පිරිසක් එම දුම්රිය මාර්ගය හරස් කරමින් මේ වනවිට විරෝධතාවක නිරත වෙති.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද පස්වරු 3.30 ට පමණ හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක යතුරු පැදියක් ගැටී ඇති බවයි.
ඉන් අනතුරුව ගම්වාසීන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත විය.
මේ හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය සඳහන් කළේ ය.