චීනය ගැන අමෙරිකානු හමුදා ජෙනරල්වරයෙකු අනතුරු අඟවයි

චීනය ගැන අමෙරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු අනතුරු අඟවයි

by Staff writer 12-07-2019 | 11:21 AM
(News 1st) - දීර්ඝ කාලීනව අමෙරිකාවට බරපතලම තර්ජනයක් එල්ල වන්නේ චීනයෙන් බව අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු අනතුරු අඟවා ති‍බේ. ජෙනරාල් මාර්ක් ඒ මයිලී සඳහන් කළේ, ඉදිරි වසර 50ත් 100ත් අතර කාලය තුළ අමෙරිකානු ජාතික ආරක්ෂාවට ප්‍රධානම අභියෝගය එල්ල කරන්නේ චීනය බව ය. චීනය සිය ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට වෙළෙඳාම උපක්‍රමයක් ලෙස යොදා ගන්නා බව ද අමෙරිකාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.