by Staff writer 12-07-2019 | 5:02 PM
COLOMBO (News 1st) - ඇන්කර් සහ ද චැම්පියන්ස් නෙට්වර්ක්ස් ඒකාබද්ධව බලගන්වන අබිමන් වරම් - 2019 ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ පෙරගමන් චාරිකාවේ 11 වැනි දිනය අද යි.
අබිමන් වරම් - 2019 ශිෂ්‍යත්ව වැඩසටහනේ දැනුවත් කිරීමේ කණ්ඩායම් දෙකක් අද ත් ප්‍රදේශ කිහිපයක සංචාරය කළේ ය.
එක් කණ්ඩායමක් අද හම්බන්තොට සිට අම්බලන්ගොඩ, තංගල්ල හරහා මාතර බලා ගමන් කළේ ය.
එහිදී හම්බන්තොට මිරිජ්ජවිල මහා විද්‍යාලය, අම්බලන්ගොඩ මහා විද්‍යාලය සහ තංගල්ල බාලික විද්‍යාලයේ සිසු දරුවන් දැනුවත් කරමින් අයැදුම් පත්‍ර බෙදා දී තිබේ.
එම කණ්ඩායම හෙට මාතර, ගාල්ල හරහා කළුතර නගරයට පැමිණීමට නියමිතයි.
මේ අතර අනෙක් කණ්ඩායම අනුරාධපුරයේ සිට පුත්තලම බලා ගමන් ගත්තේ ය.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාල, අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ අනුරාධපුර සහිරා විද්‍යාලයේ සිසු දරුවන් දැනුවත් කරමින් අද පස්වරුවේ පුත්තලමට ළඟා විය.
ඔවුන් හෙට පුත්තලම ප්‍රදේශයේ සිසු දරුවන් දැනුවත් කරති.