හේමසිරිට හා පූජිත්ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

හේමසිරිට හා පූජිත්ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

by Staff writer 12-07-2019 | 12:27 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 වන දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 12ක් සලකා බැලීම ලබන 25 වන දා සිදු කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. එම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ලබන 18 වන දා ගොනු කරන ලෙසත්, ප්‍රති විරෝධතා ලබන 23 වන දා ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල අදාළ පාර්ශවවලට නියෝග කළේ ය. නීතිපති දප්පුල ද ලිවේරා මහතා සඳහන් කළේ, පළමු හා දෙවන පෙත්සම්කරුවන් ලෙස නම් කර ඇති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනයක් නොකරන බව ය.