විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කර්තෘ Sakila Udayakumara

12 Jul, 2019 | 8:01 am

COLOMBO (News 1st) – කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ, ඉඩම් විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව ය.

නමුත් ඒ සම්බන්ධ විවාදය අද නොපවත්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.

ඒ, අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබීම හේතුවෙනි.

මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කැඳවා තිබේ.

අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, නව ඉලෙක්ට්‍රොනික මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයින් දැනුවත් කිරීම නියමිත බව

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]