පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සලක ගින්නක්

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සලක ගින්නක්

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සලක ගින්නක්

කර්තෘ Staff writer

12 Jul, 2019 | 6:56 am

COLOMBO (News 1st) – පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ ගින්න හටගෙන ඇති බව ය.

ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3ක් යොමු කර තිබේ.

අද උදෑසන වන විට ගින්න පාලනය කළ බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

මේ අතර පන්විල, නියදගල කුරුලෑටිය කන්ද ප්‍රදේශයේ ගින්න පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රියේ මැඩ පවත්වා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]