හෙරොයින් සමග පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 11-07-2019 | 9:39 AM
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 85ක් සමග පකිස්ථාන ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. සැකකරු පසුගිය 07 වන දා පකිස්ථානයේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව දකුණු අප්‍රිකාව බලා පිටව යාමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබේ. 48 හැවිරිදි අදාළ පකිස්ථාන ජාතිකයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහිදී දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.