by Staff writer 11-07-2019 | 4:12 PM
COLOMBO (News 1st) : විදේශ රැකියා සඳහා ගොස් විවිධ අතවරයන්ට ලක් වූ කාන්තාවන් 858 දෙනෙක් අද දිවයිනට පැමිණියහ.
මෙම පිරිස දිවයිනට ගෙන්වා ගනු ලැබුවේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මතයි.
පැමිණි පිරිස අතර කුවෙට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ ලැබූ කාන්තාවෝ 588 ක් ද වෙති.
සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි ශ්‍රමිකයින් 18 දෙනෙකු හාජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12 දෙනෙක් ද අද දිවයිනට පැමිණි අය අතර වෙති.