ලාංකික ධීවරයින් 24ක් මාලදිවයින් අත්අඩංගුවට

ලාංකික ධීවරයින් 24ක් මාලදිවයින් අත්අඩංගුවට

by Staff writer 11-07-2019 | 4:35 PM
COLOMBO (News 1st) : ගාල්ල සහ අම්බලන්ගොඩ ධීවර වරායවලින් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙනි. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රුක්ෂාණි 2, ධනුෂ්ක 7, හේෂාන් පුතා 4 සහ ටෙනකි බබා -4 යන බහුදින ධීවර යාත්‍රාවල සිටි පිරිසකි. මොවුන් පසුගිය මස 23 සහ 30 වන දා මුහුදු ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පිරිසකි. ගාල්ල සහ අම්බලන්ගොඩ ධීවර වරාය, ශ්‍රී ලාංකික ධීවරයින්, මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය