IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

මිල සංශෝධනයට සාපේක්ෂව IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

by Staff writer 11-07-2019 | 7:19 AM
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 2කිනි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 159ක් පමණ වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් පහළ දමා තිබේ. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 104කි. ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා එලෙස මිල පහළ දැමූ බව ය. මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 3කිනි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දැමූ බව ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළේ ය.