බුදු පිළිමවලට හානි කිරීම: තවත් 6ක් අධිකරණයට

බුදු පිළිමවලට හානි කිරීම: තවත් සැකකරුවන් 6ක් අධිකරණයට

by Staff writer 11-07-2019 | 4:55 PM
COLOMBO (News 1st) : මාවනැල්ල ඇතුළු ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනාද ඇතුළුව සැකකරුවන් 18 දෙනා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේ ය.