නාවලපිටියේ වෑන් රථයක් තුළ තිබී මළ සිරුරක් සොයා ගනී

නාවලපිටියේ වෑන් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

by Staff writer 11-07-2019 | 11:14 AM
COLOMBO (News 1st) - නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ වෑන් රථයක් තුළ තිබියදී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, 35 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකුගේ මළ සිරුරක් එලෙස සොයා ගත් බව ය. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව හඳුනා ගෙන ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.