ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-07-2019 | 6:48 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ. 2. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. 3. බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ කසළ අඩංගු බව කියන කන්ටේනර් තොගයෙන් 5ක් රේගුවේ නිලධාරීහු ඊයේ විවෘත කළහ. මූලික විමර්ශනයෙදී අනාවරණය වී ඇත්තේ ඒවායේ කසළ අඩංගු බව ය. 4. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළේ ය. 5. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇයගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ යළිත් විවෘත වරෙන්තු නිකුත් කළේ ය. 6. රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් එක්ස්ට්‍රසි වර්ගයේ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ. 7. රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. විදෙස් පුවත් 8. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයට සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට අවමන් කළ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසයි. ක්‍රීඩා පුවත් 9. නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඊයේ සුදුසුකම් ලබා ගත්තේ ය.