මොරටුව විශ්වවිද්‍යාලයේ ගින්නක්

මොරටුව විශ්වවිද්‍යාලයේ ගින්නක්

මොරටුව විශ්වවිද්‍යාලයේ ගින්නක්

කර්තෘ Staff writer

11 Jul, 2019 | 7:39 am

COLOMBO (News 1st) – මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගත්තේ ය.

මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ දෙකක් යොදා ගත් බව ය.

ගින්නෙන් ඉංජිනේරු පීඨයේ දේපළවලට හානි සිදුව තිබේ.

ප්‍රදර්ශනයක් සඳහා නිර්මාණය කෙරෙමින් තිබූ මෝටර් රථයක පරීක්ෂණ කටයුත්තක් අතරතුර විදුලිය කාන්දු වීමෙන් ගින්න හටගෙන ඇතැයි මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]