ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ගණන් ඉහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ගණන් ඉහළට

by Staff writer 10-07-2019 | 9:13 AM
COLOMBO (News 1st) : ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ගණන් 1% එකකට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. ඒ අමෙරිකාවේ බොර තෙල් සංචිත පහත වැටී ඇතැයි වාර්තාවීමෙන් අනතුරුවයි. මේ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ, අමෙරිකානු ඩොලර් 64යි සත 85 ක මිලකටයි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 58 යි සත 73 ක මිලකට අලෙවි වී ඇත.