මිලියන 14කට අධික මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට

රු. මිලියන 14කට අධික මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

by Staff writer 10-07-2019 | 4:08 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් එක්ස්ට්‍රසි වර්ගයේ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ, බෙල්ජියමේ සිට මෙම මත්පෙති තොගය එවා ඇත්තේ පා සම්භාහන උපකරණයක් තුළ සඟවා බව ය. තැපැල් මාර්ගයෙන් ලැබුණු එම පාර්සලය භාර ගැනීමට ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 25 හැවිරිදි පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබී ය. එහි තිබී සොයා ගත් මත්පෙති ප්‍රමාණය 2952කි. මීට සති කිහිපයකට පෙර බෙල්ජියමේ සිට මත්පෙති 5000ක් අඩංගු පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 27කට අධික ය.