ඇල්පිටියේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඇල්පිටියේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 10-07-2019 | 9:04 AM
COLOMBO (News 1st) : ඇල්පිටිය, අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , ඝාතනයට යොදා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමගයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 සහ 38 හැවිරිදි කරන්දෙණිය මණ්ඩකන්ද හා දෙමටගහකන්ද ප්‍රදේශවල පදංචිකරුවන් දෙදෙනෙකි. පසුගිය මස 30 වැනිදා එලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ 40 හැවිරිදි පුද්ගලයෙකි.