ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංගය අද හා හෙට විවාදයට

ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංගය අද හා හෙට විවාදයට

ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංගය අද හා හෙට විවාදයට

කර්තෘ Staff writer

10 Jul, 2019 | 7:06 am

COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද හා හෙට විවාදයට ගැනීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආණ්ඩුවට රට පාලනය කිරීමට අයිතියක් නොමැති බව තමන් මෙම විවාදයේදී කරුණු සහිතව ඔප්පු කරන බවයි.

මේ අතර විශ්වාසභංග යෝජනාවට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

විශ්වාස භංග යෝජනාවට සහය දීම සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ආණ්ඩුව පවසන්නේ තමන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]