කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩු පීඩනයකින්...

කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය

by Staff writer 10-07-2019 | 7:00 AM
COLOMBO (News 1st) : අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ , ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, හා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, හා කො‍ළොන්නාව නගර සභා බල ප්‍රදේශ , කොටිකාවත්ත, හා මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ, මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අදාළ කාසීමාව තුළ හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.