හම්බන්තොට නගර මධ්‍යයේදී පුද්ගල ඝාතනයක්

හම්බන්තොට නගර මධ්‍යයේදී පුද්ගල ඝාතනයක්

by Staff writer 09-07-2019 | 11:17 AM
COLOMBO (News 1st) : හම්බන්තොට නගර මධ්‍යයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ. අද අලුයම 130ට පමණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙලෙස මියගොස් ඇත්තේ, එස් කාලිදාස නැමැති 45 හැවිරිදි එක් දරු පියෙකි. ඔහු හම්බන්තොට සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.