විදුලි බිඳවැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට

විදුලි බිඳවැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට

by Staff writer 09-07-2019 | 7:46 AM
COLOMBO (News 1st) : දිවයින පුරා වරින්වර සිදුවන විදුලි බිඳවැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටී. අප වාර්තාකරුවන් පැවසුවේ, ඊයේ දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීම් සිදුවූ බවයි. මේ හේතුවෙන් ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිස්වලට දැඩි බලපෑම් එල්ලවී තිබේ. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලි බිඳවැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ දිනයේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි. ඒ රුපියල් බිලියන 80 ක් පමණ වන ණය සීමාව ඉක්මවා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙනි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ණය සීමාව ඉක්මවා ඉන්ධන නිකුත් කළ පසු, විදුලිබල මණ්ඩලයට ඉන්ධන බෙදා හැරීම ස්වයංක්‍රිය පද්ධතියක් හරහා නතර වන බවයි.