කළුතරට පැය 10 ක ජල කප්පාදුවක්

කළුතරට පැය 10 ක ජල කප්පාදුවක්

by Staff writer 09-07-2019 | 6:23 AM
COLOMBO (News 1st) : කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10 සිට පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද පෙරවරු 10 සිට රාත්‍රි 8 දක්වා වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුරු, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. මේ අතර හෙට උදෑසන 9 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. ඒ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කො‍ළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශිය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අදාළ කාසීමාව තුළ හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.