රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර CID අත්අඩංගුවට

by Staff writer 08-07-2019 | 4:23 PM

COLOMBO (News 1st) - රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, ඇවන්ගාඩ් විමර්ශනයට අදාළවයි. වික්ටර් සමරවීර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඇවන්ගාඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබූ සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතායි.