කප්පම් ගන්න හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට

බස් රියදුරෙකුගෙන් කප්පම් ගන්න හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 08-07-2019 | 2:30 PM
COLOMBO (News 1st) : යාපනය කොළඹ පෞද්ගලික බස් රථ රියදුරෙකු පැහැර ගෙන ගොස් කප්පම් මුදල් ලබාගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී පැහැර ගැනීමට උපයෝගී කරගත් ත්‍රිරෝද රථයක් සහ දුරකතනයක් ද සිය භාරයට ගත් බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොලොන්නාව සහ කොළඹ 12 පදිංචි 31 සහ 32 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි. පෙරේදා කොටහේන ප්‍රදේශයේදී එම රියැදුරුව පැහැර ගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට සැකකරුවන් තැත්කර තිබිණ.