පූජිත් සහ හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය

පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහි පෙත්සම් විභාගයට සත්පුද්ගල විනිසුරු මඩුල්ලක්

by Staff writer 08-07-2019 | 6:03 PM

COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ඇති පෙත්සම් විභාග කිරීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල අද නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය හා මූර්දු ප්‍රනාන්දු යන මහත්වරුන් ඊට අයත් ය. අප්‍රේල් 21 ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් විත්තිකරුවන් වගකීම් පැහැරහැර ඇතැයි පවසන පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝග කරන ලෙසයි. පෙත්සම් සියල්ල ලබන සිකුරාදා සලකා බැලෙනු ඇති.