by Staff writer 08-07-2019 | 5:03 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 05 වැනිදායි.
ඒ අනුව දින තුනක් තුළ බීමත් රියැදුරන් 1216 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.