කළුතරට හෙට පැය 10 ක් වතුර නැහැ

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්

by Staff writer 08-07-2019 | 5:20 PM

COLOMBO (News 1st) - කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10.00 සිට පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුරු දකුණ සහ කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.