ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග විවාදය ලබන 10 සහ 11

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග විවාදය ලබන 10 සහ 11

by Staff writer 08-07-2019 | 12:17 PM
COLOMBO (News 1st): ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 10 හා 11 විවාදයට ගැනීමට අද පාර්ලිමේන්තුවේ රැස් වූ පක්ෂ නායකයින් තීන්දු කර තිබේ. මේ අතර ලබන සිකුරාදා ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එම රැස්වීමේදී තීන්දු කෙරිණ. එදින දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් නොකරන බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ නිර්දේශ ලද පසු නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලට යොමු කරන බවත් ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නිවුස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.