by Staff writer 08-07-2019 | 8:51 AM
COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 .633 ක් මෙරටට රැගෙන ආ ලාඕස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 12.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පර්යන්තයේදී මැලේසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ සිට පැමිණි 25 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපළ ඒකකය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
සැකකරු සූක්ෂම ලෙස සිය ගමන් බෑගයේ පතුලක අදාළ මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන පැමිණ තිබේ.