මඩකලපුව සහ අම්පාර කාලගුණයේ වෙනසක්

මඩකලපුව සහ අම්පාරට දැඩි උණුසුම් කාලගුණයක්

by Staff writer 07-07-2019 | 7:50 AM

COLOMBO (News 1st) - මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතු බවයි. උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.