ජී ලෝන් කන්දේ ගින්නක්

ජී ලෝන් කන්දේ හටගත් ගින්න පාලනය කෙරේ

by Staff writer 07-07-2019 | 9:19 AM

COLOMBO (News 1st) - මොණරාගල, ජී ලෝන් කන්දේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඊයේ පස්වරුවේ කන්දේ තුන් පැත්තකින් ගින්න හටගත් බවයි. ගින්න හේතුවෙන් ජීවිත හා දේපොළ හානි කිසිවක් සිදුව නොමැත. මොණරාගල පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ඇත.