ජනපතිවරණයේ සූදානම...

ජනපතිවරණයේ රාජකාරිවලට නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ

by Staff writer 07-07-2019 | 7:41 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වනවිට සූදානම් වෙමින් සිටින බවයි. පළමුව පළාත් සභා මැතිවරණය අපේක්ෂා කළ ද එය විවිධ හේතූ මත ප්‍රමාද වූ බව පැවසූ මැතවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වීමට සියලු සැලසුම් සකස් කර ඇති බවයි.