ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-07-2019 | 6:23 AM

දේශීය පුවත්

1. බ්‍රිතාන්‍යයේ සිට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් 65ක් රේගුවේ: බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් 65 ක් රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ. 2. ලංවිම සුපිළිපන් බවට පස්ස හරවයි ද?: ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව සිදු කර ඇති විනය පරීක්ෂණය නිවැරදි නොවන බවට මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දන්වා තිබේ. 3. අමෙරිකානු සෙනට් සභිකයින් යාපනයේ ඉඩම් නිරීක්ෂණයේදී නිසි ක්‍රමවේදය උල්ලංඝණය කර ඇති බවට තොරතුරු: මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. 4. මැතිවරණයට නව දේශපාලන පක්ෂ 6 ක් ?: ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන පක්ෂ 6 ක් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

විදෙස් පුවත්

5. කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්: අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, රිඩ්ගේක්‍රෙස්ට් නගරය ආසන්නයේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.