'ගලි බෝයි' සම්මානයෙන් පිදුම් ලබයි

'ගලි බෝයි' ආසියාවේ හොඳම සිනමා පටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 07-07-2019 | 11:20 AM

News 1st - සෝයා අක්තාර්ගේ 'ගලි බෝයි' සිනමා පටය හොඳම ආසියානු සිනමා පටයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ, දකුණු කොරියාවේ පැවති 2019 බුචෝන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී යි. මෙම සම්මානය ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව සෝයා අක්තාර් සඳහන් කළේ ය. ගලි බෝයි සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සිං සමගින් ආලියා භාත් ය.