වැස්ස නැතිව ඉදිරියේදී ගොවීන් අමාරුවේ

ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට

by Staff writer 07-07-2019 | 7:21 AM

COLOMBO (News 1st) - ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නිරත දිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම ඊට හේතුවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුන්‍යවර්ධන මහතා පැවසුවේ, ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවයි. තව ද නිසි සැලසුමකින් තොරව කෘෂි වගාවන් සිදු කළ හොත් බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට ද සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට කුඩා වැව් 14,000 ක් සිදී ගොස් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 හි ධාරිතාව ද 25% ක් දක්වා පහළ ගොස් අවසන් ය. වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ද 452,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.